header logo
SLIC
වෙනත් පුවත්
යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට
May 24, 202604:32 PM
යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට
EDEX

වාරියපොල, කුඹුක්ගැටේ මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ කුඹුක්ගැටේ දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබු පදිකයා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 85 හැවිරිදි වාරියපොල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව සඳහන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight