නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ.. - අමෙරිකානු තානාපති කාර්යාලය

නැති වූ ඩොලර් ගැන හොයන්න FBI කණ්ඩායමක් ඇවිත් නැහැ.. - අමෙරිකානු තානාපති කාර්යාලය

May 23, 2026   09:56 pm

මහා භාණ්ඩාගාරය සතුව තිබූ ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට සහායවීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. 

එහි ප්‍රකාශිකාවක් අවධාරණය කර ඇත්තේ, එවැනි කාණ්ඩායමක් යෙදවීමක් සිදු කර නොමැති බවය. 

බොහෝ රටවල සම්මත පිළිවෙතක් ලෙස විමර්ශන සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ විට එම රටෙහි නීතිය ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩ සහයෝගීතාව සම්බන්ධීකරණය කිරීම සඳහා තානාපති කාර්යාලයේ FBI නීති අනුයුක්තිකයෙකු සිටියි. 

කෙසේ වෙතත් මෙවැනි සංවේදී විමර්ශන කටයුතු සම්බන්ධයෙන් නිරවද්‍යතාව ඉතා වැදගත් බව ද එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.