header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්
May 21, 202602:16 PM
වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්
Mobitel 1278

වෙසක් සතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

මෙම කාලසීමාව තුළ සැදැහැවත් බෞද්ධ ජනතාව දිවයිනේ පිහිටි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ ආගමික ස්ථාන වෙත විශාල වශයෙන් ඒකරාශී වීමත්, වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රර්දර්ශනය, බැති ගී සන්දර්ශන, දන්සල් ආදිය සංවිධානය කිරීමත් සිදුකරනු ලබයි.

එහිදී එම ස්ථානවල ඇති වන රථවාහන ‌තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්‌ග ගැනීමට පොලිස්පතිවරයා විසින් මේ වන විට සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත.

එසේම සියළුම පොලිස් වසම් තුළ දිවා / රාත්‍රී ජංගම සංචාර, පාමුර සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සහ දේපොළ වල ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම බැතිමතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාව උදා කර දීම ශ්‍රී ලංකා පොලිසියේ අපේක්ෂාව වේ.

මෙම වෙසක් උත්සව සමයේ පූජනීයත්වයට හානිදායක වන ලෙසට හා ආගමික අවස්ථාවන්ට සහභාගි වන බැතිමතුන්ට පීඩාකාරි වන ලෙස කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් පොලීසිය නිරන්තර අවධානයෙන් සිට ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්‌ග ගැනීමට කටයුතු කරනු ලබය.

එබැවින් වෙසක් උත්සව කාලසීමාව තුළ සාමයට බාධා නොවන ලෙස, ආගමික කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

*වෙසක් උත්සවයේ උත්කෂවත් ‌බවට හා පූජනීයත්වයට හානිවන අයුරින් සිදුකරන ඔළුබක්කන් නැටීම, මුහුණ ආවරණ පැළඳ විකාර රූපීව හැසිරීම හා විකෘති වෙස්ගත් සර්දශ වලින් වැළකී සිටීම.

*අන් අයට බාධා වන සහ පීඩාකාරී වන ලෙස අධික ශබ්ද නිකුත් වන නලා වාදනය කරමින් පොදු ස්ථානයන්හි හැසිරීමෙන් වැළකීම.

*දන්සල් හා තොරණ අසල අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ උත්සවයට නොගැලපෙන ගීත ප්‍රචාරය කිරීමෙන් වැළකීම.

*ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අන් අයට බාධා නොවන පරිදි කටයුතු කිරීම මෙන්ම නීත්‍යානුකූල ක්‍රමවේදය අනුව අවසර ලබා ගනිමින් එම කටයුතු සිදුකිරීම.

*වෙසක් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් බැහැරව කටයුතු කිරීම.

*දන්සල් පවත්වන කණ්ඩායම් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම.

*රථවාහන ධාවනයට බාධා නොවන පරිදි හා මාර්ග තදබදයක් ඇති නොවන පරිදි දන්සල් අසල පෝලිම්වල රැදී සිටින ජනතාව හැසීරවීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.

*මාර්‌ග අවහිරතා සිදුවන අයුරින් මාර්‌ගය දෙපස වාහන ගාල් කිරීමෙන් වැළකීම.

*අපද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර නිසි පරිදි බැහැර කිරීමට කටයුතු කිරීම.

*අධික තදබදයන් පවතින ස්ථාන වලදී කුඩා දරුවන් හා වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.

*රන් ආභරණ හා තමන් සතු වටිනා භාණ්ඩ සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම.

*සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව නිතරන්තර අවධානයෙන් සිටිමින් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම අසල සිටින පොලිස් නිලධාරියෙකුට දැනුම්දීම.

මාර්ගයන් තුල අනතුරු අවම කර ගැනීම සඳහා අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පදවන රියදුරන් සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ වහාම අදාළ වීඩියෝ දර්ශන අංක 070-4755600 දරණ WhatsApp දුරකථන අංකයටද, අධික දුම පිටකරමින් ධාවනය කරනු ලබන රථවාහන සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම සඳහා 070 - 3500525 WhatsApp දුරකථන අංකයටද දැනුම් දීමේ හැකියාව ඇත.

තවද, යම් සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය සහය අවශ්‍ය වන විටකදී 118 හා 119 ක්ෂණික දුරකථන අංක භාවිතා කර ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කරන මෙන් ඉල්ලා සිටියි.

වෙසක් සමය තුළ සැබෑ වෙසක් අසිරිය විඳගනිමින් ආගමික කටයුතු යෙදීම සඳහා ඉහත මාර්ගෝපදේශයන්ට ගරු කරමින් වෙසක් සමය සැමරීමට එක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana