header logo
Vallibel FD
විශේෂාංග
මාරාන්තික ඉබෝලා වෛරසය ගැන දැනගත යුතුම කතාවක් - ලංකාවටත් එයි ද ?
May 18, 202606:17 PM
මාරාන්තික ඉබෝලා වෛරසය ගැන දැනගත යුතුම කතාවක් - ලංකාවටත් එයි ද ?
Mobitel 1278

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ විසින් වරින් වර ලෝකයේ අවධානයට ලක් කරන භයානකම බෝවන රෝගයක් ලෙස ඉබෝලා 'Ebola' වෛරස් රෝගය හැඳින්විය හැකිය.

මෙය මිනිසුන්ට මෙන්ම වානරයින් වන ගෝරිල්ලන්, චිම්පන්සීන් වැනි සතුන්ට ද වැළඳෙන, මරණ අනුපාතය ඉතා ඉහළ එනම් දළ වශයෙන් 50% ක පමණ දරුණු රෝගයකි.

මෙම වෛරසය සහ එහි ව්‍යාප්තිය පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ.

රෝගය ව්‍යාප්ත වන ආකාරය

ඉබෝලා වෛරසය කොවිඩ්-19 හෝ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් වාතය මගින් බෝවන්නේ නැත. එය පැතිරෙන්නේ සෘජු ස්පර්ශයෙනි.

වෛරසය ආසාදනය වූ වවුලන් හෝ වනසතුන්ගේ මස් පරිහරණයෙන් හෝ අනුභවයෙන් රෝගය මිනිසුන්ට වැළඳේ.

ආසාදිත රෝගියෙකුගේ ලේ, වමනය, මළපහ, කෙළ, දහඩිය හෝ ශුක්‍රාණු වැනි ශරීර ද්‍රවයන් සෘජුවම වෙනත් අයෙකුගේ තුවාල වූ සමක් හෝ ශ්ලේෂ්මල පටල, ඇස්, නාසය, මුඛය හරහා ඇතුළු වීමෙන් රෝගය බෝවේ.

රෝගීන් භාවිත කළ ඉඳිකටු, ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් ස්පර්ශ කිරීමෙන් ද මෙය පැතිර යා හැක.

එබෝලා ආසාදිතයෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝවිය හැක්කේ එම රෝගියා ක්‍රියාකාරී ලෙස රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගත් පසුව පමණි.

ප්‍රධාන රෝග ලක්ෂණ

වෛරසය ශරීරගත වී දින 2 සිට 21 දක්වා කාලය තුළ බොහෝ විට දින 8-10 අතර රෝග ලක්ෂණ මතු වේ.

මුල් අවධියේ දී තද උණ, දරුණු හිසරදය, ඇඟපත සහ හන්දිපත් රුදාව, දැඩි තෙහෙට්ටුව සහ උගුරේ අමාරුව ඇති වේ.

පසුකාලීනව දැඩි වමනය සහ පාචනය, බඩේ කැක්කුම, වකුගඩු සහ අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම.

රෝගය උත්සන්න වන විට ශරීරයේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් විදුරුමස්වලින් හෝ මළපහ සමඟ ලේ ගැලීම් සිදුවිය හැකි බව සඳහන් වේ.

ප්‍රතිකාර සහ එන්නත්

අතීතයට සාපේක්ෂව වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ඉබෝලා රෝගයෙන් ජීවිත බේරා ගැනීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇත.

රෝගියා විජලනය වීම වැළැක්වීම සඳහා සේලයින් සහ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කඩිනමින් ලබා දීම අත්‍යවශ්‍ය වේ.

වෛරසය මර්දනය කිරීම සඳහා සාර්ථක "මොනොක්ලෝනල් ප්‍රතිදේහ" 'Monoclonal Antibodies' ප්‍රතිකාර ක්‍රම මේ වන විට සොයාගෙන ඇත.

රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහ සෞඛ්‍ය අංශ සේවකයන්ගේ ආරක්ෂාව සඳහා ඉතා සාර්ථක එන්නතක් වන Ervebo එන්නත දැනට භාවිත කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් කඩිනමින් හඳුනාගෙන හුදෙකලා කිරීම සහ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම මගින් මෙම වෛරසය රටක් තුළ පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි බවය.

Ebola ශ්‍රී ලංකාවට බලපායිද ?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප්‍රිකානු කලාපයේ එනම් කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාවේ පවතින ඉබෝලා ව්‍යාප්තියක් හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතත්, ඉබෝලා වෛරසය ශ්‍රී ලංකාවට සෘජුවම බලපෑම් කිරීමට ඇති ඉඩකඩ ඉතාමත් අවම මට්ටමක පවතී.

මීට ප්‍රධාන වශයෙන්ම හේතු වන කරුණු කිහිපයක් දැක්විය හැකිය.

ඉබෝලා යනු ඉහත සඳහක් කළ පරිදි කොවිඩ්-19 හෝ ඉන්ෆ්ලුවෙන්සා මෙන් වාතය හරහා හෝ සාමාන්‍ය ස්පර්ශයකින් කැස්ස, කිවිසුම් මගින් වේගයෙන් පැතිරෙන රෝගයක් නොවේ. එය බෝවීමට නම් ආසාදිතයෙකුගේ ලේ හෝ ශරීර ද්‍රව සෘජුවම ස්පර්ශ විය යුතුය.

ලංකාව සහ වෛරසය බහුලව පවතින අප්‍රිකානු කලාපීය රටවල් අතර සෘජු සංචාරක සබඳතා හෝ දිනපතා සිදුවන ගුවන් ගමන් පවතින්නේ ඉතා අවම මට්ටමකය.

එබෝලා ආසාදිතයෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය බෝවන්නේ එම පුද්ගලයාට තද උණ, වමනය වැනි දරුණු රෝග ලක්ෂණ මතු වූ පසුව පමණි.

එබැවින් රෝග ලක්ෂණ නොපෙන්වන අයෙකුගෙන් සමාජයට වෛරසය පැතිරීමේ අවදානමක් නැත.

ශ්‍රී ලංකාවේ සූදානම

රට තුළට වෛරසය ඇතුළුවීමේ අවදානම අවම වුවද, ලංකාවේ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවධානියෙන් පසුවේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු මෙරටට ඇතුළුවීමට හැකි සියලුම ස්ථානවල සෞඛ්‍ය ඒකක මගින් අවදානම් සහිත රටවල සිට පැමිණෙන මගීන් පිළිබඳව නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

කිසියම් හෙයකින් සැකකටයුතු රෝගියෙකු හමු වුවහොත් වහාම ඇතුළත් කර ප්‍රතිකාර කිරීම සහ හුදෙකලා කිරීම සඳහා මුල්ලේරියාව බෝවන රෝග විද්‍යායතනය (IDH) වැනි විශේෂිත රෝහල් සූදානමින් පවතී.

එබැවින්, මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති අතර, වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන නිල උපදෙස් පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්