header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
May 18, 202605:57 PM
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි
Mobitel 1278

ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තෙල් මිල ඉහළ යාම බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, තෙල් ආනයනය සඳහා විදේශ විනිමය අවශ්‍යතාව ඉහළ යාමත් සමඟ රුපියල මත පීඩනයක් එල්ල වී ඇති බවය.

ඔහු පෙන්වා දුන්නේ 2026 වසර තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 4.8කින් අවප්‍රමාණය වී ඇති අතර, ඉන්දියානු රුපියල සියයට 6.4කින්, නේපාල රුපියල සියයට 6.2කින් සහ ඉන්දුනිසියානු මුදල් ඒකකය සියයට 5.2කින් අවප්‍රමාණය වී ඇති බවය.

ඒ අනුව, මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන අතර, තෙල් ආනයනය මත විශාල වශයෙන් රඳා පවතින රටවල් රැසකටම පොදුවේ බලපා ඇති ගෝලීය ආර්ථික කම්පනයක ප්‍රතිඵලයක් බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වූයේ රට තුළ පැවති විශේෂිත ආර්ථික ගැටලු හේතුවෙන් බවත්, වර්තමාන තත්ත්වය ඊට වඩා වෙනස්ව ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඇති වූ බලපෑම් සමඟ සම්බන්ධ බවත් ඔහු පැවසීය.

විනිමය අනුපාතයේ වෙනස්වීම් පමණක් පදනම් කරගෙන රටක ආර්ථිකය කඩා වැටී ඇති බවට නිගමනය කිරීම නිවැරදි නොවන බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"අපි වගේම තෙල් ආනයනයකරලා ගන්න රටවල් තියෙනවා. දැන් අපේ රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ මේ වසර තුළ 4.8% කින්, ඉන්දියන් රුපියල 6.4%කින්, නේපාල් රුපියල 6.2කින් ඉන්දුනිසියන් රුපියල 5.2%කින් එතකොට මේක බැලුවාම පැහැදිලිව පේනවා මේ තියෙන අවප්‍රමාණයවීම ප්‍රධාන වශයෙන්ම මේ හා සමාන අනෙක් රටවලටත් පොදු දෙයක්. එ හා සමානව මේක වෙලා තියෙන්නේ. ඊට වැඩිය වෙනස් විදිහකට නෙමෙයි. ඒකට හේතුව තමයි බහුතරයක් තෙල් සම්පූර්ණයෙන්ම ආනයනය කරලා ඒ වියදම වැඩි රටවල්.

2022 වසරේදී තිබුණ තත්ත්වයකදී වුණේ අපේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුණා ලංකාවට පමණක් බලපාන හේතුනිසා ඒක ගෝලිය තත්ත්වයන් නිසා නෙමෙයි. දැන්වෙලා තියෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකාව තියෙන්නේ අනෙකුත් යම් කිසි ආකාරයක සංසන්දනාත්මක රටවල් අතර යම් ආකාරයක එක මට්ටමක තියෙනවා. එතකොට ඒක බාහිර කම්පන මත සිදුවන දෙයක්.

අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට විනිමය අනුපාත මත සමහර විශ්ලේශකයෝ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා, අපි දකිනවා විනිමය අනුපාත අවප්‍රමාණය වෙනවා කියන්නේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියන එක. අපේ ප්‍රධාන මාධ්‍යවේදීයෝ එහෙම කරන්නේ නැහැ. දැන් ඉන්දියානු රුපියල ඉතිහාසයේ අඩුම අගයේ තියෙන්නේ, ඉන්දුනිසායානු රුපියල අද දිනයේ ඉතිහාසයේ අඩුම අගයට වාර්තා වෙලා තියෙනවා. නමුත් එකෙන් කියන්නේ නැහැ, ඒ රටවල ආර්ථිකය කඩා වැටෙනවා, අවිනිශ්චිතයි කියලා. ඒක වැරදි මතකයක්. විනිමය අනුපාතයක් දිහා බලලා රටක ආර්ථිකය හොඳද නරකද කියලා කියන්න අමාරුයි. එකේ දෙපැත්තක් තියෙනවා."

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..