header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
May 16, 202612:33 PM
සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
Mobitel 1278

2022 වසරේ ආර්ථික අර්බුදය පැවති සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරු පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවට පොලීසිය කඩා වැදී බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශයේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකු එම නීතිඥවරුන්ගෙන් කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව ඉල්ලා තිබේ.

පොලීසිය විසින් සිදුකළ එම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරු දෙදෙනෙකු වන අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබූ එවක ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී වෙදසිංහ, එවක ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ ගාල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කියා සිටියේ වග උත්තරකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද සිටින බවයි.

ඊට අමතරව පෙත්සම්කරුවන්ගෙන් ලිඛිතව සමාව අයැද සිටීමේ ලේඛනයක් වග උත්තරකරුවන් විසින් අධිකරණයට භාර දෙන බව රජයේ නීතිඥවරිය සඳහන් කර තිබේ.

එම සමාව පෙත්සම්කරුවන් විසින් භාර ගන්නා බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

එම සමථය සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර පොලිස් නිලධාරීන් ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

"එදා සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි මේ පෙත්සම්කාර නීතිඥවරු පැමිණිලි කළේ ඔවුන් ගාල්ල ඉඳලා මේ නඩුවට ඇවිල්ලා තියෙනවා. මේ නඩුව සමථයට පත් කිරීමට ඔවුන් ඉදිරිපත් වීම ගැන අගය කරන්න. මේ වගේ සහනයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ" යනුවෙන් සඳහන් කර තිබේ.

අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටත් අධිකරණය තීන්දු කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටියේ ආර්ථික අර්බුදය පැවති 2022 වසරේ ජූලි මස 6 වනදා නීතිඥවරු පිරිසක් ගාල්ල කොටුව අසල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි.

එම අවස්ථාවේදී අදාළ ස්ථානයට කඩා වැදුණු පොලිස් නිලධාරින් එම විරෝධතාවට බාධා කරමින් විරෝධතා පුවරු ඉරා දැමීමට කටයුතු කළ බවත් පෙත්සම්කරුවන් පවසා ඇත.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana