
මාලදිවයිනේ විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සිය ධූරය භාර ගැනීමෙන් අනතුරුව ඇය ඉන්දියාවේ නිල සංචරයක් සඳහා එක්වන පළමු අවස්ථාව මෙය බවය.
එහිදී ඇය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් සඳහා සහභාගී වී ඇත.
මේ සම්බන්ධයෙන් X සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ, මාලදිවයිනේ දියුණුව වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැපවීම අවධාරණය කළ අතර මාලදිවයිනේ විදේශ අමාත්‍යවරිය හමුවීමට ලැබීම සතුටක් බවය.
දිගුකාලීන ඉන්දු-මාලදිවයින් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාලදිවයිනේ විදේශ අමාත්‍යවරිය සඳහන් කර තිබේ.




































