header logo
SLIC
සයුරෙන් එතෙර
ඉරානයේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි - ට්‍රම්ප්
May 11, 202605:54 AM
ඉරානයේ ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි - ට්‍රම්ප්
EDEX

යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනාවලට ඉරානය ලබාදුන් ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පාකිස්තානය හරහා එවන ලද ටෙහෙරානයේ යෝජනාවට, යුද්ධය වහාම අවසන් කිරීම, අමෙරිකානු නාවික අවහිර කිරීම් නැවැත්වීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහතික වීම ඇතුළත් බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේවෙතත් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ "ඉරානයේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මම දැන් කියෙව්වා. මම ඒකට කැමති නැහැ - එය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකියි." බවය.

කරුණු 14 කින් සමන්විත අමෙරිකානු යෝජනාවලියට ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සාරවත් කිරීම අත්හිටුවීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් ප්‍රවාහනය යළි ස්ථාපිත කිරීම වැනි විධිවිධාන ඇතුළත් බව වාර්තා වේ.

ඉරානය දිගින් දිගටම හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කරමින් සිටින අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ද ඉහළ ගොස් ඇත.

එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදය ද තම කොන්දේසිවලට එකඟ වන ලෙස ටෙහෙරානයට බලපෑම් කිරීම සඳහා ඉරාන වරායන් අවහිර කිරීමට පියවර ගෙන තිබේ.

මෙම පියවර ඉරානයේ දැඩි කෝපයට හේතු වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට