
බ්‍රාහ්මෝස් මිසයිල ඇතුළු ආරක්ෂක උපකරණ රැසක් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ වියට්නාමය අතර සාකච්ඡා පවත්වමින් සිටින බව ඉන්දිය රජය තහවුරු කරයි.
වියට්නාමයට අයත් ප්‍රහාරක යානා සහ සබ්මැරීන නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම සහ නවීකරණය කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාදීමට සැලසුම් කර තිබේ.
ඉන්දියාව පෙන්වාදී ඇත්තේ ඉන්දු-පැසිෆික් කලාපයේ වියට්නාමය යනු ඉන්දියාවේ වැදගත් හවුල්කරුවෙකු බවය.
ශක්තිමත් වියට්නාමයක් ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා සහාය වනු ඇතැයි යන පුළුල් පදනම මත ඉන්දියාව සියලු ක්ෂේත්‍රයන්හි සහයෝගයෙන් කටයුතු කරන බවද පවසයි.
2016 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වියට්නාමයේ සිදුකළ සංචාරය අතරතුර ඉන්දියාව ඩොලර් මිලියන 500ක ආරක්ෂක ණය පහසුකමක්ද ලබාදී තිබුණි.




































