
පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ වාර්ෂික වාර්තාව එළි දක්වා තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ වාර්තාව මගින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවය.
පකිස්තානය තුළ සිවිල් අවකාශය හැකිලෙමින් පවතින බවත්, විරුද්ධ මතධාරීන්ට දඬුවම් පැමිණවීම් වැඩිවී ඇති බවත් ආයතනික ආරක්ෂණ විධිවිධාන ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවත් අදාළ වාර්තාවෙන් පෙන්වාදී තිබේ.
සමස්තයක් ලෙස ගත් කළ, ඉන් පෙන්වා දී ඇත්තේ ව්‍යවස්ථාපිත ආරක්ෂණයන්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ගෙන් බැහැර වීමක් සිදුවී ඇති බවය.




































