header logo
Vallibel FD
උණුසුම් පුවත්
වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්
May 08, 202611:29 AM
වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්
Mobitel 1278

වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන්ම වියට්නාමයෙන් පොහොර ලබාගැනීමට කළ ඉල්ලීමට එරට රජය විසින් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බව ඒ මහතා කිව්වේය.

"වියට්නාම් සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ වියට්නාම් කොමියුනිට්ස් පක්ෂයේ මහලේකම්, ටෝ ලාම් මැතිතුමනි,

වියට්නාම් දූත මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සපැමිණි සම්භාවනීය මහත්ම මහත්මියනි,

අනෙකුත් සම්භාවනීය නියෝජිතවරුනි, මාධ්‍ය නියෝජිත හිතවතුනි,

ප්‍රථමයෙන්ම, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් වියට්නාම් කොමියුනිට්ස් පක්ෂයේ මහලේකම් සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ටෝ ලාම් මැතිතුමන් සහ එතුමන් සමඟ මෙම ඓතිහාසික රාජ්‍ය සංචාරයට එක්ව සිටින සම්භාවනීය වියට්නාම් නියෝජිත පිරිස මම උණුසුම්ව පිළිගන්නවා.

කීර්තිමත් වියට්නාම් භික්ෂුවක් වන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් විසින් මෙහෙයවන ලද ගෝලීය පා ගමන ශ්‍රී ලංකාව ඔස්සේද වැටී තිබූ අතර, එය අප දෙරට අතර සියවස් ගනණාවක සමීප සබඳතා තවදුරටත් ඉස්මතු කළ අවස්ථාවක් විය. අද වියට්නාම් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණිම තුළින් දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනවා.

ලෝක දේශපාලන සිතියමේ වියට්නාමය අපි දකින්නේ හුදෙක් තවත් එක් රාජ්‍යයක් ලෙස නොව, අධිරාජ්‍යවාදයට එරෙහි නොසැලන අභිමානයක් වගේම ආර්ථික පරිවර්තනයේ ජීවමාන සාක්ෂියක් ලෙස බව සිහිපත් කළ යුතුයි.

පීඩිත ජාතීන්ගේ විමුක්තිකාමී අරගලවලට පන්නරයක් එක් කළ ඉතිහාසගත කතාවක් වියට්නාමය සතු අතර, එය ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැ වී ඇති බව සඳහන් කළ යුතුයි. අප්‍රමාණ අභියෝග මැද ධෛර්ය සම්පන්නව හෝ චි මිං වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මඟපෙන්වීම යටතේ වියට්නාමය ගොඩනැගුණු ආකාරය විස්මයජනකයි. දුෂ්කරතා තරණය කිරීමේ ජීවමාන සාක්ෂි සහිතව වර්තමානය වන විට අග්නිදිග ආසියානු රටක පසුබිමක සිට ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් දක්වා වියට්නාමය පරිවර්තනය වූ ආකාරය සම්බන්ධයෙන් වියට්නාමයට අපි සුබපැතුම් එක් කරනවා.

අතිගරු ටෝ ලාම් මැතිතුමා සිය ධුරයට පත් වීමෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාවේදීම ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව මම සතුටු වෙනවා.

ශ්‍රී ලංකාව වැනි නිදහස අගය කරන රාජ්‍යයක් වියට්නාමය වැනි ඉතිහාසයක් තිබෙන රටක් සමග මෙලෙස සමීප වීම ඉමහත් සතුටට කරුණක් වන අතර, මෙය දෙරට අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගුකාලීන සබඳතා පිළිබිඹු කෙරෙන වැදගත් මෙන්ම සංකේතාත්මක අවස්ථාවක් ලෙස අපි සලකනවා.

ඒ වගේම, වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත්, වියට්නාම් කොමියුනිට්ස් පක්ෂයේ මහලේකම්වරයා ලෙසත් නැවත වතාවක් පත්වීම පිළිබඳව අතිගරු ටෝ ලාම් ජනාධිපතිතුමාට මාගේ උණුසුම් සුබපැතුම් පළ කර සිටිනවා. ටෝ ලාම් ජනාධිපතිතුමන් වෙත මේ නැවත ලබා දී ඇති බලය ඔහුගේ නායකත්වය කෙරෙහි එරට ජනතාව තබා ඇති විශ්වාසය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්. ඔහුගේ අඛණ්ඩ මගපෙන්වීම යටතේ දැනටමත් සමෘද්ධිමත් රටක් බවට පත්වීමෙන් පවතින වියට්නාමය වඩාත් ඉහළ තලයකට ළඟා වනු ඇති බව මගේ විශ්වාසයයි.

ටෝ ලාම් මහතාගේ මෙම රාජ්‍ය සංචාරය දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල පරිණතභාවය, ශක්තිය සහ අනාගත විභව පිළිබිඹු කරමින් දෙරට අතර දැනට පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා විස්තීර්ණ හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව සහ වියට්නාමය අද දිනයේ එකඟ වූ බව සිහිපත් කරනවා.

මීට ටික මොහොතකට පෙර වියට්නාම් ජනාධිපතිතුමන් සහ මා අතර පුළුල් හා ඵලදායි ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. දෙරටේ සබඳතාවල වත්මන් තත්ත්වය පිළිබඳව අප ගැඹුරු සමාලෝචනයක් සිදු කළා. එමෙන්ම, පුළුල් පරාසයක විහිදෙන ක්ෂේත්‍ර හරහා අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳවත් අප සාකච්ඡා කළා.

ආර්ථික වශයෙන් නිෂ්පාදනය, අපනයන වර්ධනය සහ ගෝලීය වටිනාකම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම පිළිබඳව වියට්නාමය ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණ මා අගය කළා. එමෙන්ම මෑතකාලීන අභියෝගවලින් පසු ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය පිළිබඳවද මා අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කළා.

මෙය අපගේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා කාලෝචිත අවස්ථාවක් ලෙස අප දෙරටම සලකනවා. වර්ෂ 2030 වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියන 01ක් දක්වා වැඩි කිරීම සඳහා වූ ඉලක්කයන් අප සතුව පවතිනවා.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය සහ උපායමාර්ගික විභවයන් කෙරෙහි දැඩි විශ්වාසයක් පෙන්නුම් කරමින්, නියෝජිතයන් පනස් දෙනෙකුගෙන් සමන්විත වියට්නාම් ව්‍යාපාරික දුත පිරිසක් මෙම සංචාරයට එක් කර ගැනීම පිළිබඳව මම අතිගරු ජනාධිපතිතුමාට මාගේ කෘතඥතාව පළ කර සිටියා. අද දින පස්වරුවේ එම ව්‍යාපාරික දූත පිරිස සම්බන්ධ කර ගනිමින් ආර්ථික සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය, සැපයුම්, යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය සහ නිෂ්පාදනය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අංශවල ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරන ලෙස මම වියට්නාම් ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා. ඉන්දියානු සාගරය තුළ ශ්‍රි ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ දියුණු වන ආර්ථික දෘෂ්ටිය දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයන් සඳහා සැලකිය යුතු විභවයක් නිර්මාණය කර දී තිබෙනවා.

වියට්නාම් ගුවන් සේවය සහ වියට්ජෙට් එයාර් ගුවන් සේවය විසින් කොළඹ සිට වියට්නාමයේ හෝ චි මිං සහ හැනෝයි නගර අතර සෘජු ගුවන් ගමන් මෙම වසරේ සිට ආරම්භ කිරීමට තීරණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව ස්තූතිය පළ කළ අතර, එය සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා පමණක් නොව, වෙළෙඳාම, ආයෝජන සහ දෙරටේ ජනතාව අතර ශක්තිමත් අන්තර්පුද්ගල සබඳතා ඇති කිරීමට හේතු වන බව මගේ විශ්වාසයයි.

බලශක්ති සහයෝගීතාව අපගේ සාකච්ඡාවට බඳුන් වූ තවත් වැදගත් ක්ෂේත්‍රයක්. ශ්‍රි ලංකාව පිරිසිදු සහ තිරසාර බලශක්ති ප්‍රභව කරා සංක්‍රමණය වීමට කැප වී සිටිනවා. මේ සම්බන්ධයෙන්, විශේෂයෙන් සූර්ය සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ඇති අවස්ථා අපි සාකච්ඡා කරමින් තිබෙනවා. විද්‍යුත් සචලතාව සහ විදුලි වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාවට ඇති විභවයන් වැනි නැගී එන ක්ෂේත්‍ර පිළිබඳවද අප සාකච්ඡා කළා.

අප රට ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ පරිවර්තනීය ගමනක ඉදිරියට යමින් සිටින නිසා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර තොරතුරු තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවට ඇති අවස්ථා පිළිබඳ අපි සාකච්ඡා කළා. මෙම ක්ෂේත්‍රවල සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීම නවෝත්පාදන බිහි කිරීමට මෙන්ම අපගේ ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට හේතු වනු ඇතැයි අප විශ්වාස කරනවා.

කෘෂිකර්මාන්තය, අප දෙරටටම ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්. කෘෂිකාර්මික නවීකරණය, යාන්ත්‍රීකරණය සහ අපනයන තරගකාරිත්වය යන ක්ෂේත්‍රවල වියට්නාමය ලබා ඇති ආකර්ෂණීය දියුණුව පිළිබඳ අපි සාකච්ඡා කළා. කෘෂිකාර්මික අංශයේ ඵලදායීතාව සහ තිරසරභාවය වැඩිදියුණු කිරීම සඳහා දෙරට අතර තාක්ෂණ හුවමාරුව, ධාරිතා සංවර්ධන සහ පසු-අස්වනු කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපි එකඟ වුණා.

අද දින වියට්නාම් රජය විසින් ශ්‍රි ලංකාවට මෙට්‍රික් ටොන් 100ක යූරියා සහ සුපර් පොස්පේට් පොහොර පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වියට්නාම ජනතාවට ස්තූතිය පළ කර සිටිනවා. එමෙන්ම, ශ්‍රී ලංකාව පොහොර ලබා ගැනීමට කළ ඉල්ලීමට වියට්නාම් රජය ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ලැබුවා.

අප දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳවද සාකච්ඡා කළා. කලාපීය සාමය සහ ස්ථාවරත්ව සඳහා දෙරටේ පොදු කැපවීම අප නැවත තහවුරු කළ අතර පුහුණුව, දැනුම හුවමාරුව සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වල සහභාගිත්වය වැනි ක්ෂේත්‍රවල අප අතර පවතින සහයෝගීතාව වැඩිදියුණු කර ගැනිමටද එකඟ වුණා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඇති ද්විපාර්ශ්වික සබඳතාවයේ අඛණ්ඩ වර්ධනයට දෙරටෙහි සංස්කෘතික සබඳතා සහ ජනතාව අතර තිබෙන සංස්කෘතික බැඳීම් වැදගත් කාර්යභාරක් ඉටු කරනවා. නුතන වියට්නාමයේ නිර්මාතෘ ලෙස සැලකෙන ජනාධිපති හෝ චි මිං මැතිතුමන් ශ්‍රී ලංකාවේ තුන්වරක් සංචාරය කර තිබීම අප දෙරට අතර ගැඹුරු මිත්‍රත්වයේ සංකේතයක් ලෙස පවතිනවා. අතිගරු ටෝ ලාම් ජනාධිපතිතුමන් හා එක්ව කොළඹ මහජන පුස්තකාලයේ තිබෙන හෝ චි මිං පිළිරුවට උපහාර දැක්වීමට සහ කොළඹ මහජන පුස්තකාලයේ තිබෙන හෝ චි මිං පරිශ්‍රය පුළුල් කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරිමේ උත්සවයට මා සහභාගී වෙනවා.

මා සහ ටෝ ලාම් ජනාධිපතිතුමා අතර සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් විද්‍යාව සහ තාක්ෂණය, පොලිස් සහයෝගීතාව, තොරතුරු සහ සන්නිවේදනය සහ ආගමික හා සංස්කෘතික සහයෝගීතාව වැනි ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබුණා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවල් දෙකම තමන්ගේ විනාශකාරී ගැටුම් සහ භෞමික බෙදීමේ උත්සාහයන් ජය ගෙන තිබෙනවා. අප දෙරටම ආසියාවේ නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අතර සමාන ඒක පුද්ගල ආදායමක් තිබෙනවා. ලංකාව වියට්නාමයේ සිව්වන විශාලතම වෙළෙඳ හවුල්කරුවා. රටවල් දෙකම ජාත්‍යන්තර නැව් මාර්ගවල උපායමාර්ගිකව පිහිටා තිබීම ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික වෙළෙඳාමට මෙන්ම ඒකාබද්ධ ව්‍යාපාර සඳහා සුවිශේෂී වාසියක් සලසනවා. සියල්ල අප දෙරටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා.

අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීම පිළිබඳව සහ අප රට සමග පවතින අඛණ්ඩ මිත්‍රත්වය වෙනුවෙන් අතිගරු ටෝ ලාම් මැතිතුමාට සහ එතුමන්ගේ දූත පිරිසට මගේ කෘතඥාතව පළ කර සිටිනවා.

තාක්ෂණික, ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රායෝගික වැඩපිළිවෙළක් දක්වා වර්ධනය වීම තුළින් දෙරටටම අභිමානවත් අනාගතයක් උදා කර ගැනීමට කටයුතු කිරීම උදෙසා අපි අත්වැල් බැඳ ගන්නා බව සිහිපත් කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට