header logo
SLIC
වෙනත් පුවත්
වනාන්තරයක් එළිපෙහෙලි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
May 07, 202601:49 PM
වනාන්තරයක් එළිපෙහෙලි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව
EDEX

නාකොළගනේ පුරාණ රජ මහා විහාරය අවට පිහිටි වනාන්තර කලාප, පෙහෙළි කර ඒවා වාණිජ වගාවන් සඳහා පෞද්ගලික පාර්ශ්ව වෙත ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම තුළින් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වයඹ පළාත් පරිසර අධිකාරිය ගම්වාසීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව විනාශ වූ වනාන්තර පිහිටි ප්‍රදේශ යළි පෙර පැවති තත්ත්වයට පත්කිරීම සඳහා වනවගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දැරීමට සිදුවන වියදම මෙම තීන්දුව නිකුත් වී මාස තුනක් ඇතුළත නාකොළගනේ පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති වලත්වාවේ රාහුල හිමියන් වෙත දැනුම් දියයුතු බවත් නියෝග කර ඇත.

එම දැනුම්දීම ලැබී මාස තුනක් ඇතුළත අදාළ මුදල විහාරාධිපති හිමියන් විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ගෙවිය යුතු බවත් එම නියෝගයේ සඳහන් වේ.

මෙම වන විනාශය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා ජාතික පුවත්පත්වල භාෂා තුනකින් දැන්වීම් පළ කිරීමට පියවරගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරියට නියෝග කර ඇත.

එමෙන්ම අදාල විහාරස්ථානයේ ආසන්නයේ පිහිටි හෙක්ටයාර 55 ක වනාන්තර කලාපය අලි රක්ෂිතයක් හෝ අභයභූමියක් බවට ප්‍රකාශයට පත් කරන ලෙස විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට