
රුසියාව සමග සබඳතා පවතින බවට සැකපිට සිය භාරයට ගත් තෙල් නැවක චීන ජාතික කපිතාන්වරයා ව්‍යාජ ලේඛන සන්තකයේ තබා ගැනීම සහ මුහුදු ගමන් සඳහා නෞකාවක තිබිය යුතු සුදුසුකම් පිළිබඳ නීති උල්ලංඝනය කිරීමේ සැකය මත අත්අඩංගුවට ගෙන ඇති බව ස්වීඩනය පවසයි.
ස්වීඩන් වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය ස්වීඩන් මුහුදු සීමාවේදී මෙම නෞකාවට ඇතුළුවී තිබේ.
යුක්‍රේන යුද්ධයට ප්‍රතිචාර වශයෙන් පනවා ඇති බටහිර සම්බාධක මගහැරීම සඳහා රුසියාව භාවිතා කරන shadow fleet රහසිගත නෞකා ජාලයක් වෙත මෙය අයත් බව ස්විඩන් බලධාරීන් විශ්වාස කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම නෞකාව අත්අඩංගුවට ගැනීම මේ වසරේ ස්වීඩනය විසින් සිදු කරන ලද එවැනි පස්වන ක්‍රියාමාර්ගයද වෙයි.




































