header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්
May 06, 202605:17 PM
කච්චතිව් මතක්කරමින් විජේට සුබ පැතූ ජීවන්
Mobitel 1278

තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ.

අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මෙම සුබ පැතුම් එක්කළේය.

එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන කරුණු කිහිපයක් තලපති විජේගේ අවධානයට යොමුකර ඇති තොන්ඩමන් මහතා, කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

එමෙන්ම වසර ගණනාවක සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවක් වන ධීවර ගැටලුව විසඳීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසත් මෙහිදී ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් මහතා,

"තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ලෙස දිවුරුම්දීමට නියමිතව සිටින විජේ මහතාට මම සුබ පතනවා. ඒ වගේම ප්‍රශංසා කරනවා. සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනයයි, සිනමාවයි වෙන් කරලා බලන්නේ නැහැ. මෙච්චර දවස් එයාව නළුවෙක් විදිහට දැක්ක මිනිසුන් දැන් නායකයෙක් විදිහට තෝරගෙන තියෙනවා. රසිකයින්ට පුළුවන් කෙනෙක්ව ඉහළ තැනකට අරන් යන්න. නමුත් ජනතාවට විතරයි පුළුවන් නායකයෙක් පත් කරගන්න. එහෙම තියෙද්දී, අද අලුත් ඉතිහාසයක් ලියැවිලා තියෙනවා.

මම දෙයක් කියන්න කැමැතියි. එයාගේ මැතිවරණ ප්‍රචාරණයේදී ලංකාව සම්බන්ධ දේවල් කිව්වා. විශේෂයෙන්ම කච්චතිව් සම්බන්ධයෙන්. මම ඇමතිවරයෙක් විදිහට කටයුතු කරද්දී බොහෝ අවස්ථාවලදී තමිල්නාඩුවට යන්න වුණා.

ඒ වෙලාවේ මම දැක්ක ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි. ලොකුම ගැටලුව තියෙන්නේ, එහෙ සරණාගත කඳවුරුවල ජීවත් වන අපේ දෙමළ ජනතාවට. ඒ විතරක් නෙවෙයි, අද තියෙන තත්ත්වය අනුව ධීවර ප්‍රශ්නය තවත් ලොකුවට යනවා. ඒත් දේශපාලනයට අනුව දැනුම්වත්වීමක් ඇති විය යුතුයි.

ධීවර ප්‍රශ්නය කියන්නේ දෙමළ ජනතාවටත්, හමුදාවටත් හෝ දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් ඇති ප්‍රශ්නයක් නෙවෙයි. මේක තමිල්නාඩුවේ ජීවත්වෙන දෙමළ ජනතාවටයි, ලංකාවේ ජීවත් වන දෙමළ ධීවරයින්ටයි තියෙන අර්බුදයක්.

මේ වෙනකම් ඒ වෙනුවෙන් විසඳුමක් දීලා නැහැ. ඒ නිසා එයාගේ නව පාලනය යටතේ ලංකාවට එයි කියලා බලාපොරොත්තු වෙනවා. නව මිත්‍රත්වයක් ආරම්භ කර එ් මාර්ගයෙන් හොඳ විසඳුමක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ඒ් වගේම මේ රටේ අවුරුදු 200කට වැඩි කාලයක ඉදන් ඉන්න මලෛයගම් ජනතාවත් ගොඩාක් ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා. අපි රටින් පිටතට ගියොත්, ලාංකීය දෙමළ ජනතාව ලෙසයි බලන්නේ. ඒක වැරදි නැහැ. ඒත් අපිට කියලා තනි අනන්‍යතාවක් තියෙනවා. එහෙම තියෙද්දී දෙමළ ජනතාවට අදාළ පිළිගැනීම තමිල්නාඩු රජය ලබාදෙයි කියලා විශ්වාස කරනවා" යැයි පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana