header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අගමැතිනිය කියයි
May 05, 202608:34 PM
මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අගමැතිනිය කියයි
Mobitel 1278

මේ වනවිට මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, අද (05) පස්වරුවේ කොළඹ පැවති මාලදිවයින් - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන ක්‍රියාවලියට එක්වන ලෙසට අග්‍රාමාත්‍යවරිය මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසුගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් පැවති මෙම සංසදය සංවිධාන කර තිබුණේ, මාලදිවයින් ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළෙඳ අමාත්‍යාංශය විසිනි.

ඊට මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ.

එහිදී මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සඳහන් කළේ අඩසියවසකට වඩා වැඩි දෙරටේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සබඳතාව සහ සුහදත්වය මත ගොඩනැඟුණ මිත්‍රත්වය බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන යාම අපේක්ෂාව බවය.

මාලදිවයින “ඉදිරියට යමින් සිටින ජාතියක්” බවත්, සංවර්ධිත, සියලු දෙනා ඇතුළත් කරගත් සහ තිරසාර ජාතියක් බවට පත්වීම මාලදිවයිනේ අරමුණ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මොහොමඩ් මුයිසු එහිදී සඳහන් කළේ, තම රටෙහි සංවර්ධන ප්‍රවේශය ජනතා කේන්ද්‍රීය, තාක්ෂණය මගින් බලගන්වන සහ පාරිසරික සුරක්ෂිතතාව මත පදනම් වූ එකක් බවය.

ශ්‍රී ලංකාව මාලදිවයිනේ අසල්වැසියා පමණක් නොව, අත්‍යවශ්‍යම උපායමාර්ගික හවුල්කරුවෙකු බව මාලදිවයින් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මාලදිවයින් ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට උනන්දු වන අතර, දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන ආර්ථික ස්ථාවරත්වයට ඉතා වැදගත් බව ඔහු පැවසීය.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ කුසලතා මාලදිවයිනේ අනාගත ගමනට මහත් ශක්තියක් වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගී එන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වන බවත්, ජාත්‍යන්තර සමාගම්වලට තම රට කෙරෙහි ඇති විශ්වාසය මින් තහවුරු වන බවත් මෙහිදී ඔහු සඳහන් කළේය.

යටිතල පහසුකම්, ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ක්ෂේත්‍රවල ආයෝජනය කරමින් මාලදිවයින සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ජනාධිපතිවරා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බවය.

2025 වසර අගභාගයේදී මෙරටට බලපෑ 'දිට්වා' සුළි කුණාටුව සහ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද, ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම වාර්ෂික සංචාරක පැමිණීම 2025 වසරේදී වාර්තා කළ බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

විශේෂයෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මාලදිවයින් රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 3ක සහෝදරත්වයේ පරිත්‍යාගය දෙරටේ නොසැලෙන මිත්‍රත්වයට කදිම නිදසුනක් බව අග්‍රාමාත්‍යවරිය කෘතඥ පූර්වකව සිහිපත් කළාය.

2025 වසරේදී දෙරට අතර පැවති වෙළෙඳ පිරිවැටුම ඇමරිකානු ඩොලර් මිලියන 137ක් වුවද, එය සැබෑ විභවයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

මාලදිවයිනේ සංචාරක සහ ආගන්තුක සත්කාර අංශය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල 20,000කට අධික ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් දැනට සේවය කරමින් එරට ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ආහාර නිෂ්පාදන සහ මත්ස්‍ය සැකසුම් යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බවත් දකුණු ආසියාවේ ප්‍රධාන මූල්‍ය කේන්ද්‍රස්ථානය වන කොළඹ වරාය නගරය (Port City) තුළ මාලදිවයින් ආයෝජකයින්ට විශිෂ්ට අවස්ථා පවතින බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

තිරසාර 'නිල් ආර්ථික' ව්‍යාපෘති සහ ඩිජිටල් නවෝත්පාදන ආදී හවුල්කාරීත්වයන් මගින් දෙරටේම ජනතාවට සෞභාග්‍යය උදාකර දීම ශ්‍රී ලංකා රජයේ අරමුණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

MostRead
Mobitel 1278
VideoStories
පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

Mobitel 1278
Lassana Flora
Spotlight
 පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

පෙම්වතා - පෙම්වතිය සොයාගන්න ෆින්ලන්තයට ඇවිත් යන්න තනිකඩයන්ට ඇරයුම්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

කුමාර ජයකොඩි - සුනිල් වටගලගේ දේපොළවලටත් අල්ලස් විමර්ශන

 2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

2017 හම්බන්තොට වරාය උද්ඝෝෂණය - නාමල් එක්ක 41කට අධිචෝදනා

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

බාල බෙහෙත් නඩුව - කැබිනට් පත්‍රිකාව දැම්මේ මම නෙමෙයි රනිල්

 TIN ගන්න ජනතාව පොරකති

TIN ගන්න ජනතාව පොරකති

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...