header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්
Apr 30, 202612:47 PM
15 හැවිරිදි දැරියකගේ ගබ්සාව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දෝස්මුරයක්
Mobitel 1278

දූෂණයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර ඇත.

කාන්තාවන්ට තම ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තහවුරු කරමින්, පවතින පැරණි නීති වහාම වෙනස් කළ යුතු බව අධිකරණය අවධාරණය කළේය.

දූෂණයකට ලක්වූ අවස්ථාවකදී ගබ්සාව සඳහා පනවා ඇති කාල සීමාවන් (නීතිමය වශයෙන් පවතින සති 24 සීමාව) අදාළ නොවිය යුතු බව අධිකරණය පැවසීය.

රජය විසින් පුරවැසියන්ගේ, විශේෂයෙන්ම වින්දිත දැරියගේ සහ ඇයගේ පවුලේ තීරණවලට ගරු කළ යුතු බවත්, එයට අභියෝග කිරීමට රජයට අයිතියක් නොමැති බවත් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

"මෙම දැරිය විඳින පීඩාව කිසිදු දෙයකින් වන්දි ගෙවිය නොහැකි එකක්. සෑම විනාඩියකම ඇය දරා සිටින්නේ ඒ වේදනාවයි. වින්දිත දරුවා සහ කළලය අතර සටනකදී, දරුවාට ගෞරවාන්විතව ජීවත් වීමට ඉඩ දිය යුතුයි," යනුවෙන් අධිකරණය පැවසීය.

කෙසේ වෙතත් ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය තර්ක කළේ සති 31ක් යනු ගබ්සාවක් සිදු කිරීමට ඉතා ප්‍රමාද වැඩි කාලයක් බවය. එහිදී දරුවා ජීවතුන් අතර සිටිය හැකි නමුත් දැඩි විකෘතිතා සහිතව උපත ලැබිය හැකි බවත්, එය මවගේ ජීවිතයට ද අවදානමක් විය හැකි බවත් ඇය පෙන්වා දී ඇත.

දරුවා ප්‍රසූත කර දරුකමට හදා ගැනීමට දීම වඩාත් සුදුසු බව රජයේ මතය විය.

මීට පෙර මෙම නඩුව විභාග කළ විනිසුරුවරිය ප්‍රකාශ කළේ, බලහත්කාරයෙන් දරුවා ප්‍රසූත කිරීමට දැරියට බල කිරීම ඇයගේ මූලික අයිතිවාසිකම් සහ ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවය. මෙම දැරිය ඒ වන විටත් දෙවරක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ අතර, ඇය දැඩි මානසික කම්පනයකින් පසු වන බව අධිකරණය නිරීක්ෂණය කළේය.

මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, දූෂණයට ලක්වූ වින්දිතයන් සඳහා ඉන්දියාවේ ගබ්සා නීතිය වඩාත් නම්‍යශීලී සහ මානුෂීය වනු ඇති බවට බව පැවසේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වුණු තරුණයාගේ සිරුර ගොඩගත් අසීරු මෙහෙයුම...

 "මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

"මොන රාජපක්ෂද? මොන වික්‍රමසිංහද අදාළ නෑ"

 "අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

"අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ආරම්භ කරනවා" "මගීන්ගෙන් ඇහුවොත් ලුණු ඇඹුල් ඇතිව කියයි"

 රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

රුමේෂ්ගේ හෙල්ලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණයට Turkish Airlines තීරණය කරයි

 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල