
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මගින් ක්‍රියාත්මක කෙරෙන පොල්පිතිගම, සේරුගස්යාය පහළ අලවත්තාව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(25) පස්වරුවේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සේරුගස්යාය පහළ අලවත්තාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදු කරන අතර ලක්ශ 126ක පිරිවැයකින් දින 180ක කාලයක් ඇතුලත සම්පූර්ණ කිරීමට නියමිතය.
SARP ව්‍යාපෘතියේ 4P වැඩසටහන් හා දේශගුණ අනුහුරු වැඩසටහන්වල ප්‍රතිලාභීන්ට ව්‍යාපෘති කෘෂි උපකරණ බෙදාදීමද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ගීතා හේරත් මහත්මිය, පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද ඒකනායක මහතා, උපසභාපතිතුමිය මන්ත්‍රීවරුන්, SARP ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන්, ව්‍යාපෘති නිළධාරීන්, ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය නිළධාරීන් සහ SARP ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.





















