header logo
SLIC
වෙනත් පුවත්
පියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයි
Apr 25, 202606:59 AM
පියා සහ පුතා අතර බහින්බස්වීම මරණයකින් කෙළවර වෙයි
EDEX

තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ සිද්ධියකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී ඊයේ (24) උදෑසන මෙම ඝාතනය සිදුකර තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 64ක් වූ අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, මරණකරුගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවය.

සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු‍ 33ක් වන සැකකරුවෙකි.

මාතලේ පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight