
දේශසීමා හරහා ඉදිකර ඇති නළ මාර්ගය ඔස්සේ බංග්ලාදේශය ඉන්දියාවෙන් අතිරේක ඩීසල් මෙට්‍රික්ටොන් 5,000ක් ලබාගෙන තිබේ.
ස්ථාවර ඉන්ධන සැපයුමක් සහතික කිරීමේ අරමුණින් සිදු කෙරෙන අඛණ්ඩ ඉන්ධන ආනයනය කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, මෙම නව තොගය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මාර්තු මාසයේදී ලැබුණු ඩීසල් මෙට්‍රික්ටොන් 22,000ක සැපයුමෙන් පසුව, අප්‍රේල් 14 වන දින තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 8,000ක් ලැබී තිබෙන අතර ඊටත් අමතරව මෙම ඩීසල් මෙට්‍රික්ටොන් 5,000 ලැබී ඇත.







































