header logo
SLIC
වෙනත් පුවත්
යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්
Apr 22, 202608:00 AM
යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්
EDEX

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ Our Power - Our Planet (යොදා මිනිස් බලයක් - රැකගමු මිහිතලයක්) යන්නයි.

2026 වසරේදී අප මුහුණ දෙන පාරිසරික අභියෝගයන් අතරට දේශගුණික විපර්‌යාස, ජෛව විවිධත්වය හා පාරිසරික පද්ධති අහිමි වීම, කාර්මික අපද්‍රව්‍ය එක් රැස්වීම වන හායනය වැනි සංකීර්ණ ගැටළු රැසක් අවිදිමින් තිබේ.

වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති බව සඳහන්ය.

අමෙරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තා විසින් පුරෝගාමීව ආරම්භ කළ මෙම දිනය, පසුව ලොව පුරා ව්‍යාප්ත වී අද වන විට රටවල් 193ක බිලියන 1කට අධික ජනතාවගේ සහභාගීත්වයෙන් සමරනු ලබයි.

2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව නම් කරන ලද මෙම දිනය “පොළව මත ඇති සියළුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම” යන්න අරමුණු කර ගෙන ඇත.

ඒ සඳහා, හේතු පාදක වූයේ යුරෝපීය ජාතීන් විසින් සිදු කරන ලද අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් සිදුවූ වායු දූෂණය සහ ජල දූෂණය හේතුවෙන් මානව සෞඛ්‍ය සඳහා එල්ලවූ තර්ජන මඟහරවා ගැනීම සඳහා ජනතාව පෙළගැසීමයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight