
නීති විරෝධි මත්පැන් ලීටර් 75ක් (බෝතල් 100ක්) සමඟ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බිංගිරිය, කදුරුවැව ප්‍රදේශයේදී සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු අවුරුදු 34 ක් වූ බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.
බිංගිරිය පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.





















