තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මක වෙයි

තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මක වෙයි

April 20, 2026   08:45 am

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාවන් අද (20) සිට යළි ක්‍රියාත්මක කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් අද දිනයේ සිට නැවත ක්‍රියාත්මක වනු ඇත.

පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් පසුගිය 17 වැනිදා සිට එම දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.