
ප්‍රංශයේ අතිශය ජනප්‍රිය සහ සම්මානනීය නිළියක වන නතාලි බේ (Nathalie Baye) ඊයේ (17) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇය මියයන විට වයස අවුරුදු 77දී පසුවිය.
ඇයගේ මරණයට හේතුව ලෙස කලක සිට පැවති අමතක වීමේ රෝගී තත්ත්වයක් බව සඳහන් වෙයි.
ඇය මුලින්ම නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කර ඇය පසුව රංගනයට පිවිස ඇති අතර ඇය සිය ජීවිත කාලය තුළ චිත්‍රපට 80කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති බව සඳහන් වෙයි.







































