header logo
SLIC
වෙනත් පුවත්
දිවයිනට ආ ඉන්දුනීසියානු රුවල් නෞකාව
Apr 15, 202607:01 PM
දිවයිනට ආ ඉන්දුනීසියානු රුවල් නෞකාව
EDEX

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BIMA SUCI - 945’ රුවල් නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) දිවයිනට පැමිණි තිබේ.

ඒ ASEAN Plus Cadet Sail (APCS) – 2026 වැඩසටහන යටතේ ඉන්දුනීසියානු නාවික හමුදාවේ ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළුව විදේශීය රටවල් විසිහයක ශිෂ්‍යභට නිලධාරීන් සමඟය.

මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි SAIL SHIP වර්ගයට අයත් ‘KRI BIMA SUCI - 945’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් SUGENG HARIYANTO කටයුතු කරනු ලබයි.

නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එම නෞකාව නිරීක්ෂණය සඳහා නාවික හමුදා පුහුණුවන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් සහභාගී වීමට නියමිතව ඇත.

තවද දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight