
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් සෙබළුන් වෙනුවෙන් රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් සහන වවුචර්පත් බෙදාදීමේ විශේෂ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
ආපදාවට පත් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය හා ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම උදෙසා සිංහල දමිළ අලුත් අවුරුද්දට සමගාමීව සහන සැලසීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී වී ඇති අතර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් හමුදා සාමාජිකයින් 1,933 දෙනෙකු වෙත එක් අයෙකු සදහා රුපියල් 15,000ක වටිනාකමින් යුතු වවුචර්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
මෙම වැඩසටහන සඳහා වන මූල්‍යමය දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක ගිණුම වෙතින් ලබා දී ඇත.





















