header logo
SLIC
වෙනත් පුවත්
වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Apr 09, 202610:13 AM
වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
EDEX

කළුතර ඩිපෝව ආසන්නයේදී වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08) දහවල් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වාලම්පුරිය රුපියල් ලක්ෂ 35 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

සැකකරු සහ වාලම්පුරිය කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස 51 ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight