කෙසෙල්ගමු ඔයේ කාන්තා මළ සිරුරක්

කෙසෙල්ගමු ඔයේ කාන්තා මළ සිරුරක්

April 8, 2026   01:14 pm

කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ හඳුනානොගත් කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුවූ බව නෝර්වුඩ් පොලීසියේ ස්ථානාධිපති පවසා තිබේ.

නෝර්වුඩ් බගවන්තලාව මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පාලමට පහළින් කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත මෙම මෘත ශරීරය සොයා ගෙන තිබේ.

සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත්, හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂණ නිළධාරින්ගේ සහයෝගය ඇතිව සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව නෝර්වුඩ් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවසා ඇත.