header logo
SLIC
සයුරෙන් එතෙර
පාකිස්තානයේ ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළට
Apr 05, 202610:15 AM
පාකිස්තානයේ ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළට
EDEX

ඉන්ධන මිලෙහි ඇති වූ දැවැන්ත ඉහළ යාමත් සමඟ පාකිස්තානය පුරා මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 20 සිට 65 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්ධන මිල සහ ප්‍රවාහන ගාස්තු මාසයක් ඇතුළත දෙවතාවක් සංශෝධනය වීම හේතුවෙන් මෙම දැඩි පිරිවැය ඉහළ යාම සිදුව ඇත.

එරට පොදු ප්‍රවාහන හිමියන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ අඛණ්ඩව සිදුවන මෙම ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවාහන හිමියන් මෙන්ම මගීන් ද දැඩි ලෙස පීඩාවට පත් කර ඇත බවය.

පාකිස්තානය තුළ අප්‍රේල් මාසයේ සිදු කරන ලද නවතම සංශෝධනය යටතේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137.24කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ​​රුපියල් 458.40ක් ලෙස සටහන්ව ඇත.

එමෙන්ම ඩීසල් ලීටරයක මිල රුපියල් 184.49කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520.35ක් වේ.

පෙෂාවර්හි පැවැති ඒකාබද්ධ රැස්වීමකින් අනතුරුව, අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් මාර්ග සඳහා ගාස්තු තවත් සියයට 25කින් ඉහළ නැංවීමට ප්‍රවාහන සංගම් අනුමැතිය ලබා දී ඇති අතර, පන්ජාබ් ප්‍රාන්තයේ ද මගී ගාස්තු දැනටමත් සියයට 65කින් පමණ ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කෙසේවෙතත් මගී ප්‍රවාහනයට සමගාමීව, පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන හිමියන්ගේ සංගමය ද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 65කින් ඉහළ නංවන බව ද ප්‍රකාශ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට