header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැදපෙරදිග යුද්ධය ඉදිරියටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට දැඩි බලපෑම්
Apr 04, 202603:55 PM
මැදපෙරදිග යුද්ධය ඉදිරියටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට දැඩි බලපෑම්
Mobitel 1278

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වයන් තවදුරටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්වලට දැඩි බලපෑම් එල්ල වෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂක මහාචාර්යය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ යුද්ධය අවසන් කිරීම සඳහා අදාළ රටවලට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් පෙන්නුම් නොකරන බවත් මේ හේතුවෙන් ආසියාතික රටවල් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත්ය.

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කර මේ වන විට දින 36ක් ගතව ඇති බැවින් ඇතිව ඇති සහ ඉදිරියේදී මතුවන තත්ත්වයන් පිළිබඳවද අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙම තත්ත්වයන් තුළ ආසියාතික රටවල් දැඩි අභියෝගයන්ට මුහුණ දෙන බවත් මේ හේතුවෙන් එම රටවල් ඇතුළතින් ඇතිවන ප්‍රතිරෝධයද තවදුරටත් ඉහළ යා හැකි බවය.

එහිදී ආසියාතික රටවල් තුළ රටවල් ඇතුළතින් ඇතිවන සමාජ සහ දේශපාලන ප්‍රතිවිරෝධතාවයන්ද ත්‍රීව්‍ර වනු ඇති බවත් ඒ අනුව ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවද මෙම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මැදපෙරදිග මතුව ඇති මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මතුව ඇති තත්ත්වය මේ වන විට ආර්ථික අර්බුදයක් කරා ගමන් කර ඇතැයිද එය ලෝක ආර්ථිකයට දැනෙමින් පවතින අර්බුදයක් දක්වා මේ වන විට ගමන් කර ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එය ආර්ථික අවපාතයක් දක්වා ගමන් කරනු ඇති බවත් පැවසුවේය.

"මේ යුද්ධය නිසා ගෝලීය ආර්ථිකය තුළ සැපයුම්ජාල සහ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන අක්‍රීය වීම නිසා දින 36ට එහා මේක ගියොත් වැඩිපුර බලපෑම ආසියාතික කලාපයේ රටවලට ලැබෙනවා. මොකද මැදපෙරදිග රටවල තෙල් වැඩිපුර පරිභෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිංගප්පූරුව ඇතුළු මේ ආසියාතික රටවල්. මේක තවදුරටත් වර්ධනය වුනොත් රටවල් ඇතුළේ තිබෙන ආර්ථික ප්‍රතිවිරෝධතාවයන් තවත් උත්සන්න කරනවා විතරක් නෙමෙයි සමාජ සහ දේශපාලන ප්‍රතිවිරෝධතාවයන්ද උත්සන්න කරනවා. ඒක තුළ අපේ රටවල් තුළත් යම් කිසි රාජ්‍ය බලය, ආණ්ඩු බලය තවදුරටත් පවත්වාගෙන යාම තියුණු අභියෝගයක් බවට පත්වෙන්න පුළුවන්."

එමෙන්ම පවතින මෙම යුද ගැටුම් මේ මොහොත් හෝ ඉදිරි දින කිහිපය තුළ නතර වුවත් ලෝක ආර්ථිකය නැවතත් පැවති ස්ථානයට පැමිණිමට අවම වශයෙන් වසර 2කකට වැඩි කාලයක් ගතවනු ඇතැයිද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

"යුද්ධය නැවතුනත් නැවත ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට වසර 2ක් වැනී දීර්ඝ කාලයක් බොහෝ විට ඊට වඩා වැඩි කාලයක් යනවා. මොකද අපි දන්නවා කොවිඩ් වසංගතයෙන් ඇතිවෙච්ච බලපෑම, ලෝක ආර්ථික පසුබැස්ම තවම ආවරණය කරගන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්ත්වය මේකෙදි ඊට වඩා කිහිප ගුණයකින් වර්ධනය වෙන්න පුළුවන් මේ පවතින දින ගාන මාස ගාන දික්වීම තුළ."

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ