header logo
SLIC
විශේෂාංග
ඔරායන් සඳ ගමනේ අඩකට වැඩිදුරක් සම්පූර්ණ කරයි
Apr 04, 202601:38 PM
ඔරායන් සඳ ගමනේ අඩකට වැඩිදුරක් සම්පූර්ණ කරයි
EDEX

Artemis II මෙහෙයුම මේ වනවිට ගමනේ අඩකට වඩා වැඩිදුරක් සාර්ථකව ගොස් ඇති බව නාසා ආයතනය පවසයි.

මෙම මෙහෙයුම පසුගිය අප්‍රේල් 02 වැනිදා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ විය.

අභ්‍යවකාෂ ගවේෂකයන් රැගත් ඔරායන් යානය ගමන් අරඹා පැය කිහිපයකින් සාර්ථකව Space Launch System නැතහොත් (SLS) රොකට්ටුවෙන් ඉවත් විය.

මෙහි මෙහෙයුම් කාර්ය මණ්ඩලය ලෙස රේඩ් වයිස්මන්, වික්ටර් ග්ලොවර්, ජෙරමි හැන්සන් සහ ක්‍රිස්ටිනා කෝච් යන ගගනගාමීන් සිව්දෙනා එක්ව සිටී.

ආටෙමිස් II කාර්ය මණ්ඩලය සඳ වෙත ගමන් කරන අතරතුර ලබාගත් පෘථිවියේ පළමු සුපැහැදිලි ඡායාරූපය නාසා ආයතනය මේ වන විට නිකුත් කර තිබේ.

සේයාරුව ලබාගෙන ඇත්තේ මෙහෙයුමේ අණදෙන නිලධාරී රේඩ් වයිස්මන් විසිනි.

මෙම ඡායාරූපය හඳුන්වා ඇත්තේ ''HELLO WORLD'' ලෙසය.

පෘථිවිය අඳුරෙන් සහ ආලෝකයෙන් වෙන්ව ඇති අයුරු මනාව දිස්වන අපූරු සේයාරුවක් ද වයිස්මන්ගේ කැමරා කාචයේ සටහන් ව ඇත.

කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් සඳහන් කර තිබුණේ "චන්ද්‍රයා විසින් ආලෝකමත් කරන ලද පෘථිවියේ අඳුරු පැත්තේ සුන්දර දසුනක් අපට දැන් ලැබෙනවා. අතිවිශිෂ්ටයි," යනුවෙනි.

මේ අතර ගගනගාමීන් සිව්දෙනා අභ්‍යවකාශයේ සිට මෙහෙයුම් මධ්‍යස්ථානයත් සමඟ සම්බන්ධ වී සිය අත්දැකීම් විස්තර කළ ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වනවිට ලෝකයේම අවදානය යොමුවී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight