header logo
SLIC
වෙනත් පුවත්
නීතිවිරෝධීව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
Apr 04, 202611:36 AM
නීතිවිරෝධීව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට
EDEX

බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු සතුව තිබී ඩීසල් ලීටර් 180ක් සොයා ගැනීමට හැකි වූ බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මේ අතර බලපත්‍ර නොමැතිව භූමිතෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සෙවනගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

භූමිතෙල් ලීටර් 1000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හා 49 හැවිරිදි සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට