රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ්

රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ්

April 2, 2026   10:25 pm

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන්ට නිර්වින්දන ඖෂධ ලබාදී පැහැරගෙන ගොස් රන් ආභරණ කොල්ලකා, පසුව ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

එම සැකකරුවන් අද (2) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කාංචරම්කුඩා ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 34 හැවිරිදි සැමියා සහ 22 හැවිරිදි ඔහුගේ සහෝදරයෙකු සමග ත්‍රිරෝද රථ රියදුරෙකුය.

එමෙන්ම කොල්ලකන ලද රන් ආභරණ මිලදී ගැනීමේ චෝදනා මත දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමියන් දෙදෙනෙකුද අප්‍රේල් 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර නිර්වින්දන ඖෂධ ලබාදීම සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු දින 3ක කාලයක් පොලිස් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමටද මෙහිදී අධිකරණය අවසර ලබා දී ඇත.

මෙම සිද්ධියට අදාළව පීඩාවට පත් පුද්ගලයින් යොදා ගනිමින් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක්ද අද දින අධිකරණයේදී පැවැත්වුණි.