ඉරාන නව නායකයා සටන් විරාමයක් ඉල්ලුවා - ට්‍රම්ප්
April 1, 2026 06:45 pm
ඉරාන නව නායකයා තමන්ගෙන් සටන් විරාමයක් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු සිය 'Truth' සත්‍ය සමාජ ගිණුමේ සටහනක් තබමින් මේ බව පැවසීය.
කෙසේ නමුත් එම ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එය සලකා බැලීමට නම් පළමුව හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ යුතු බවය.
එසේ නොමැති වුවහොත් ඉරානයට අඛණ්ඩව ප්‍රහාර එල්ලකරන බව හෙතෙම පවසා තිබේ.
"හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව, නිදහස්ව සහ පැහැදිලිව පවතින්නේ කවදාද යන්න අපි පළමුව සලකා බලනවා.
එසේ නොමැති වුවහොත් අපි ඉරානය සහමුළුන්ම නැතිකර දමනවා" යනුවෙන් පවසා තිබේ.
