header logo
SLIC
වෙනත් පුවත්
රාජ්‍ය සේවකයින්ට සංඥා භාෂා පුහුණුව - කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයින්ට සහතිකපත්
Mar 30, 202609:17 PM
රාජ්‍ය සේවකයින්ට සංඥා භාෂා පුහුණුව - කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයින්ට සහතිකපත්
EDEX

රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයන්ට සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙම උත්සවය සෙත්සිරිපාය, බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වූ අතර, වැඩසටහනට රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා සඳහන් කළේ, ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ලබාදීමට මෙම සංඥා භාෂා පුහුණුව වැදගත් වන බවය.

තවද, 2026 වර්ෂය තුළ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම පාඨමාලාව පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, සංඥා භාෂාව සමාජ අන්තර්ගතතාවය වර්ධනය කිරීමට වැදගත් මෙවලමක් බවත් අවධාරණය කෙරිණි.

මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරෂාණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයමාලි වික්‍රම ආරච්චි මහත්මිය, අතිරේක ලේකම් ( පාලන ) රාධා නානායක්කාර මහත්මිය, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට