header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
CCD යේදී ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් සූදානම් කළ උපන්දින සාදය
Mar 30, 202607:46 PM
CCD යේදී ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් සූදානම් කළ උපන්දින සාදය
Mobitel 1278

ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සාදයක් සූදානම් කිරීමේ පුවතක් වාර්තා විය.

සැකකාරියගේ උපන්දිනය පසුගිය ඉරිදා (29) යෙදී තිබී ඇති අතර ඒ වෙනුවෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සැමරුමක් සූදානම් කර ඇති බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් තොරතුරක් ලැබී තිබේ.

එම තොරතුර එම කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් තහවුරු කරගැනීමෙන් පසු එහි ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන එම ක්‍රියාව වහාම නවත්වන්නැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩිව පවසා ඇති බව සඳහන් වේ.

අනතුරුව කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට යවා ඒ පිළිබඳ සොයාබලන ලෙස උපදෙස් ලබාදී ක්ෂණිව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාද එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා කේක් ගෙඩිය එහි ගෙනැවිත් ඇති බවය.

උපන්දින සැමරුමට සෙව්වන්දිගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාද කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

අනතුරුව ඉෂාරා සෙව්වන්දි, ඇය රඳවා සිටින සිර කුටියෙන් පිටතට ගෙන ඒ අසල වූ ස්ථානයක කේක් ගෙඩිය කැපීමට සියල්ල සූදානම්කර තිබී ඇති බවත් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අවසර ලබාදී ඇති බවද අනාවරණ වන බවය.

එමෙන්ම "කේක් එක කපලා ෆොටෝ ගන්න එපා. පස්සේ ඔවා ඉන්ටර්නේට් එකේ යයි" යනුවෙන් ඔහු පවසා ඇති බවත් සඳහන් වේ.

ඒ අනුව ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා, ඇයගේ ලොකු අම්මා හා ඇයගේ පුත්‍රයාගෙන් මෙන්ම අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගෙන් ද ඇතුළුව 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන තිබේ.

එමෙන්ම කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිඛිතව දැනුම්දී තිබුණි.

උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම කේක් ගෙඩිය රැගෙන ඒම සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිගේ සහෝදරයා සමග අදාළ ස්ථානාධිපතිවරයා දුරකථනය ඔස්සේ කතාබහකර ඇති බවත් කලක සිට ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ කතාබහ කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.

ඒ අනුව පොලීසිය පවසන්නේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ උපන්දින සාදය සැලසුම්කර අවස්ථාව ලබාදී ඇති බවය.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ බොහෝදුරට අදාළ ස්ථානාධිපතිවරයාගේ වැඩ ඉදිරියේදී තහනම් කිරීමට නියමිත බවය

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිස්සා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..