header logo
SLIC
වෙනත් පුවත්
පුංචි පුතාට දිවි අහිමි කළ මාරක අනතුර
Mar 29, 202610:02 AM
පුංචි පුතාට දිවි අහිමි කළ මාරක අනතුර
EDEX

තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී මාරක අනතුරක් සිදුව තිබේ.

වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති අතර ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක් වූ කොටියාගල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට