header logo
SLIC
වෙනත් පුවත්
රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි
Mar 24, 202606:30 PM
රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් නොමැතිව නීතියට අනුව වැඩකළ හැකියි - අධිකරණ ඇමති කියයි
EDEX

රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අධිකරණ ආරක්ෂක iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගත් නිලධාරීන් දැනුවත් කිරිම වෙනුවෙන් මාර්ගගතව Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට ඊයේ (23) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයට අනුව අධිකරණ ආරක්ෂක තනතුරු සඳහා 69 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු යොදා තිබුණු අතර ඒ සඳහා වැඩසටහන ඊයේ දිනයේදී පැවැත්විණි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රජය බොහෝ අභියෝග මධ්‍යයේ වුවද ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට හැකි උපරිමයෙන් උත්සාහ ගනිමින් සිටින නමුත් එය රජයට පමණක් තනිව කළ නොහැකි බවය.

ඒ අනුව මේ සඳහා මෙරට සෑම පුරවැසියෙකු මෙන්ම සෑම රාජ්‍ය සේවකයෙකුගේම සහාය ලැබිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට