
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙද තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 21 දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙවර එහි තේමාව “වනාන්තර හා ආර්ථිකයන්” යන්නය.
එම තේමාවට සමගාමීව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමේ වැඩසටහන්, රුක් රෝපණ වැඩසටහන්, ප්‍රදර්ශන, කථික තරඟ හා ශ්‍රමදාන ආදී වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.























