header logo
SLIC
වෙනත් පුවත්
මෙත්සිත් අරණේ අසිරිමත් බුදුරුව නිරාවරණය කෙරේ
Mar 04, 202601:57 PM
මෙත්සිත් අරණේ අසිරිමත් බුදුරුව නිරාවරණය කෙරේ
EDEX

දෙරණ මාධ්‍ය ජාලයේ සැදැහැති මාධ්‍යාලෝකයෙන් රුවන්වැල්ල, කන්නත්තොට ප්‍රදේශයේ ගොඩනැගෙන මෙත්සිත් අරණ ජාත්‍යන්තර භික්ෂු ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයේ ඉදිකෙරුණ පාරමිතා මහසෑරදුන්ගේ මංගල ශිලා ප්‍රස්තිෂ්ඨාපන මංගල්‍යය සහ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය දා නිරාවරණය කෙරුණි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක ධූරන්දර ගෞරවනීය වෙඬරුවේ උපාලි නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මැදින් පොහොය දා මෙම පූණ්‍යකර්මය උත්සවාකාරයෙන් සිදුකෙරුණි.

සම්බුදු සසුනේත්, අප මාතෘභූමියේත් සුරක්ෂිතතාව වෙනුවෙන් යහපත් ආකල්පවලින් සපිරි සඟ පරපුරක් මෙන්ම යහපත් දරු පරපුරක් බිහිකිරීම අරමුණු කරගෙන ශාෂ්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද වරකාපොළ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, රුවන්වැල්ල මෙත්සිත් පාරමිතා පදනමේ අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවන මෙත්සිත් අරණ භික්ෂු ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයේ පුහුණු සැසි සමාරම්භයද එදින සිදුවුණි.

ඊට සහභාගි වූ ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා වෙත මනුසත් දෙරණ අනුග්‍රහයෙන් පොත්පත් සහ පාසැල් උපකරණ පූජා කිරීම ද මෙහිදී සිදුකෙරුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට