header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි
Mar 02, 202611:45 AM
ඉන්ධන තොග ප්‍රමාණවත් අනිසි බියක් එපා - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි
Mobitel 1278

QR ක්‍රමවේදය යොදා ගනිමින් තෙල් සැපයුම සීමා කළ යුත්තේ රට තුළ තෙල් හිඟයක් පවතින අවස්ථාවක දී වන බවත්, මේ වන විට ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත රට තුළ පවතින බැවින් QR ක්‍රමවේදය යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

එමෙන්ම යම් අවස්ථාවකදී නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් එවැනි ඕනෑම අවස්ථාවදී QR ක්‍රමවේදය භාවිත කිරීමට සූදානමින් සිටින බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

අද (02) දිනයේ දී ද සාමාන්‍ය පරිදිම තෙල් බෙදා හැරීමේ කටයුතු සිදු කළ බවත් පෙරවරු 9.45 වන විට ඩීසල් ලීටර් විසිනම ලක්ෂ විසි පන්දහස් තුන්සිය හතලිස් නමයක් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් විසිනම ලක්ෂ හාරදාහක් ද බෙදා හැර ඇති බව ඩී.ජේ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

තවද ඊයේ (01) දිනයේ පමණක් ඩීසල් ලීටර් තිස් ලක්ෂ අසූ එක් දහස් තුන්සිය හතලිස් නමයක් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර් තිස්නම ලක්ෂ විසි දහස් හාරසීයක් ද බෙදා හැර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඔහු නැවතත් අවධාරණය කර සිටියේ අඛණ්ඩව ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ය.

ජනතාව මෙසේ අනවශ්‍ය ලෙස කලබලයට පත්ව දිගින් දිගටම පෝලිම්වල රැදී සිටීම කනගාටුවට කරුණක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම බලපත්‍රයක් නොමැතිව නිවාසවල ඉන්ධන තොග රැස්කර තබාගැනීම, නීතිවිරෝධී හා අවධානම් ක්‍රියාවක් වන අතර ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඩී.ජේ රාජකරුණා මහතා මෙහිදී කියා සිටියේය.

ඊයේ (01) දිනයේ ද ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙසේ තෙල් තොග රැස් කරන්නන් පිළිබඳව යම් තොරතුරක් ඇත්නම් ඒ ගැන පොලීසියට දැනුවත් කරන ලෙසය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ