header logo
SLIC
වෙනත් පුවත්
විවාහයේ පොරොන්දුවට 14 හැවිරිදි පාසල් සිසුවියට අතවර කළ පෙම්වතා
Feb 25, 202609:09 AM
විවාහයේ පොරොන්දුවට 14 හැවිරිදි පාසල් සිසුවියට අතවර කළ පෙම්වතා
EDEX

තම මව සහ පියා සමඟ නිතර කලහකාරී ලෙස හැසිරුණු බාලවයස්කාර දැරියක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඊට හේතුව සොයා බැලීමේදී ඇය මීට පෙර අවස්ථා දෙකකදී දුෂණයට ලක්ව ඇතැයි අනාවරණය වී ඇතැයි හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.

දුෂණයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 14යි මාස 07ක් වන ආරච්චිකට්ටුව ප්‍රදේශයේ රජයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින පාසල් සිසුවියකි.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකර ඇති පරීක්ෂණයෙන් අනතුරුව අතවරයට පත් දැරිවිය හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ප්‍රකාශයක් ලබා දී ඇත.

2025 ජුලි මස 05 වෙනිදා තම පෙම්වතා වන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග එකම දිනක -අවස්ථා දෙකකදී ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත්, ඔහු තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වීම නිසා මේ සම්බන්ධව කිසිවෙකුට නොකියා සිටි බවද ඇය පොලීසියට පවසා ඇත.

දැරිය මෙම සිද්ධියට මුහුණදෙන විට ඇගේ මව රැකියාවක් සඳහා විදේශ ගතවී සිටි බවද අනාවරණය වී තිබේ.

සැකකාර පෙම්වතාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, එම සිද්ධියට පෙර 2024 අප්‍රේල් මස 12 වෙනිදා නාත්තන්ඩිය - වලහාපිටිය ප්‍රදේශයේ පදිංචි ඥාති සහෝදරයෙකු ඔහුගේ නිවසේදී පළමු වරට තමන්ට ලිංගික අතවර කළ බව ද අදාළ දැරිය මාරවිල පොලීසියට පැමිණ පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

තමන්ට සිදුකළ අතවරය පිළිබඳව කිසියම් අයෙකුට පැවසුවහොත් මරා දමන බවට ඥාති සහෝදරයා තර්ජනය කර රුපියල් 500ක මුදලක්ද තමන්ට දුන් බවද පැමිණිලිකාර දැරිය මාරවිල පොලීසියට පවසා ඇත.

එම අතවරය සිදුකළ බව කියන 37 හැවිරිදි සැකකරු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතවරයට පත්ව ඇති දැරිය මව භාරයේ මේ වන විට රඳවා ඇති අතර, අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට