header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට නාමල්ගෙන් පිළිතුරු
Feb 21, 202606:10 PM
සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට නාමල්ගෙන් පිළිතුරු
Mobitel 1278

මහින්ද රාජපක්ෂ මනුෂ්‍ය ඝාතකයෙක් නොවන බව සරත් ෆොන්සේකා මහතාම පැවසීම ඉතා හොඳ කාරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

"සරත් ෆොන්සේකට එතුමාට අන්දෝලනාත්මක වෙන්න පුළුවන් හැබැයි මීට පෙර යුද්ධය පවතින අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විවෘතව මාධ්‍ය ප්‍රකාශයක් කළා ප්‍රභාකරන්ට ඉතුරු වෙලා තියෙන්නේ ආයුධ බිම තියලා එන්න විතරයි කියලා. හමුදාවට භාර වෙන්න විතරයි කියන එක ඒක අලුත් කාරණයක් නෙවෙයි. තවත් පැත්තකින් සරත් ෆොන්සේකා මහත්තයා කියනවා සුදු කොඩි අරගෙන එනකොට මහින්ද රාජපක්ෂ අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන්න අණ දුන්න කියලා. අපි පැහැදිලිව කියන්න ඕන අපි සටන් කළේ දෙමළ ජනතාව එක්ක නෙවෙයි. අපි සටන් කළේ LTTE ත්‍රස්තවාදීන් එක්ක. ඒත් ත්‍රස්තවාදීන් පරාජය කරන්න මේ රටේ රණවිරුවෝ දහස් ගණනක් ජීවිත පූජා කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එකම අරමුණ තිබ්බේ අවම හානියකින් අවම ජීවිත ගාණක් පරිත්‍යාග කරමින් ඒ ත්‍රස්තවාදය අවසන් කරන්න. ඒ සඳහා ගත යුතු හැම කාරණයක්ම ගත්තා. මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා ෆොන්සේකා මහත්මයාට ඔය ඩයස්පෝරාව සහ මේ ජවිපෙ ආණ්ඩුව සහ LTTE ඩයස්පෝරාව කියන විදියට මහින්ද රාජපක්ෂ ලේ පිපාසයෙන් ඉන්න මිනී මරන්න ආස කරන කෙනෙක් නොවන බවට ෆොන්සේකා මහත්තයා අද තහවුරු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයගේ එකම අරමුණ තිබ්බේ වැඩිම ජීවිත ගණනක් නැති කරපු, ඝාතනය කරපු, දේපළ විනාශ කරපු, රාජ්‍ය නායකයා බවට පත්වෙන්න නෙවෙයි. මේ රටේ වැඩිම අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත නායකයා බවට පත්වෙන්න. නිදහස ගෙනාපු නායකයා බවට පත්වෙන්න. ලංකා ඉතිහාසයේ බස් ගිනි තියලා ගෙවල් ටික ගිනි තියලා කාර්යාල ගිනිතියලා තැපැල් කන්තෝරු ගිනි තියලා මහා සංඝරත්නය ඝාතනය කරපු රාජ්‍ය නායකයෙක් නෙවෙයි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරපු, අධිවේගී මාර්ග හදපු, ගුවන්තොටුපලවල් හදපු ඒ කාලේ තිබුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පත් කරන නායකයා බවට පත්වෙන්න. පැහැදිලිවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉලක්කය තිබ්බේ මේ රටේ අවම ජීවිත හානියකින් නිදහස ලබාදෙන්න. ඉතිං ඒ අරමුණට එතුමා ගියා. දැන් ඔය හැමෝම බල්ටි ගහන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රණවිරුවෝ ලබා දුන්න නිදහස මතයි.

ආණ්ඩුවට සම්බන්ධ බොහෝ අය මහා සංඝරත්නය දකින්නේ රාජපක්ෂ නිකායේ විදිහට. ඒක ඒ අයගෙන් මානසිකත්වය. මොකද එක පැත්තකින් මහා සංඝරත්නයට අපහාස කිරීම ඒ අයගේ සම්ප්‍රදාය බවට පත්වෙලා තියෙනවා. ඒ හින්දා තමයි ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු මහා සංඝරත්නයට නම කියලා අමන්ත්‍රණය කරන්නේ. අපේ හාමුදුරුවනේ කියලා කියන්නේවත් නැහැ. එදා වේදිකාවේ අපේ හාමුදුරුවනේ කියන වචනෙත් විහිළුවට ලක් කළා. ඒ වගේම තමයි අනෙක් ආගමික නායකයින්වත් විවේචනයට ලක් කරනවා. ඉස්ලාම් ආගමික නායකයෝ වෙන්න පුළුවන්, හින්දු ආගමික නායකයෝ වෙන්න පුළුවන්, කතෝලික ආගමික නායකයෝ වෙන්න පුළුවන්, ආණ්ඩුවට පුදුම ප්‍රශ්නයක් තියෙන්නේ මේ ආගමික නායකයෝ එක්ක. අපි පැහැදිලිවම මේ රටේ සියලු ආගම්වල ගරුත්වය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මේ රට බෞද්ධ රටක්. හෙළ සංස්කෘතියෙන් ගොඩ නැගිච්ච රටක්. ඒ බෞද්ධාගම සහ ඒ සංස්කෘතිය ආරක්ෂා වීම තුළ තමයි මේ රටේ අනෙකුත් සියලුම ආගම් ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒක හංගන්න ඕන කාරණයක් නෙවෙයි. මොකද ඒක ජාතිවාදය නෙවෙයි. ජාතිවාදය කියන්නේ උතුරට ගිහිල්ලා එක් ජාතියක් විවේචනය කරන්න තවත් ජාතියක් විවේචනය කරලා දේශපාලන වාසි ගන්න එකට. එහෙම නැත්නම් මම බෞද්ධයෙක් නම් මට කොන්ද පණ තියෙන්න ඕන මං බෞද්ධයෙක් කියලා කියන්න. ඉතින් බෞද්ධකම ආරක්ෂා කරනවා කියන්නේ අනෙක් ආගම්වලට ගරු කරනවා කියන එක. හැම ආගමේම අයිතිය ආරක්ෂා කරනවා කියන එක. ආණ්ඩුවට සහ ආණ්ඩුවට සම්බන්ධ සමහර අයට කියන්නේ මේ ගරුතර මහා සංඝරත්නය විවේචනය කරන එක නවත්තන්න. ඒ විවේචනය කිරීම තුළ ඔබ ඉටු කරන්නේ මේ රට දෙකඩ කරන්න. මේ රටේ ආගම් ජාතීන් අතර අර්බුදයක් ඇති කරන්න උත්සාහ කරන අන්තවාදීන්ගේ අවශ්‍යතාවය ඉටු කරනවා මිසක් මෙරට ජනතාවට සාධාරණයක් ඉටු කරන එක නෙවෙයි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා