header logo
SLIC
වෙනත් පුවත්
පවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල්
Feb 19, 202608:22 PM
පවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල්
EDEX

පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බවට වාර්තා වන බවය.

මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් දේශීය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය සමයේ නිසි වේලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවද නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

හම්බන්තොට ගෑස් පර්යන්තය මඟින් දැනට ගෑස් ප්‍රතිඅපනයනය සිදුකරන නමුත්, වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රතිපත්තිය තාවකාලිකව වෙනස් කර දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට