
ශ්රී ලංකාවේ කච්චතිව් දුපත යළිත් තමිල්නාඩු ප්රාන්තයට පවරාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.
කච්චතිව් දූපත ශ්රී ලංකාවට පවරන ලද ගිවිසුමෙහි ඇතුළත් කරුණු අනුව කච්චතිව් දුපත තමිල්නාඩු ප්රාන්තයට අයත් විය යුතු බව තමිල්නාඩු රජය විසින් ගොනුකර තිබෙන මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇති බව එම මාධ්ය වාර්තා පෙන්වාදෙයි.
එසේම එම දුපත තාමිල්නාඩුවට පවරා ගන්නා තෙක් තාවකාලිකව තමිල්නාඩු ප්රාන්තයේ ධිවරයන්ට එම දූපතේ සිය කටයුතු කරගෙන යාමට භාර දිය යුතු යැයි අදාළ පෙත්සමෙන් ප්රකාශකර ඇතැයි ද ඉන්දීය මාධ්ය සඳහන් කරයි.
මෙම පෙත්සම මෙම මස 23 වන දින මදුරෙයිහි පිහිටි ශ්රේෂ්ඨාධිකරණ ශාඛාවේදි විභාගයට ගැනීමට නියමිත බව ද සඳහන්ය.



















































