header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි
Feb 13, 202608:44 PM
ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේදී එළිදක්වන බව අගමැතිනිය කියයි
Mobitel 1278

​ඉදිරියේදී පැවැත්වීමට නියමිත ගුරු විභාග ද්විත්වය පවත්වනු ලබන්නේ පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දු අනුව බවත්, ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ද්විතීයික පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) ලබාදීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 132ක් සඳහා සුහුරු පුවරු පිරිනැමේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ක්‍රියාත්මක ඩිජිටල් කාර්යසාධක බලකායේ මැදිහත්වීම මත සිදුකෙරෙන මෙම වැඩසටහනේ සංකේතවත් පියවරක් ලෙස ද්විතීයික පාසල් 10ක් සඳහා සුහුරු පුවරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු විය.

ළමා ආරක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සැකසූ නව ඩිජිටල් ප්‍රතිපත්තිය එළඹෙන අප්‍රේල් මාසයේදී හඳුන්වා දෙන බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට හඳුන්වා දුන් නව ඉගෙනුම් ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය අද (13) මොනරාගල දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූවාය.

එහිදී කුඹුකන මො/ශ්‍රී ෂන්මුගම් දෙමළ මහා විද්‍යාලයේ සහ මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යතුමිය පියවර ගත්තාය.

​සිසුන් සංඛ්‍යාව ඉහළ යාම සහ යටිතල පහසුකම් සංවර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, මදුරුකැටිය මහා විද්‍යාලයේ නම "මොනරාගල ධර්මරාජ මහා විද්‍යාලය" ලෙස වෙනස් කිරීමට පාසල් සංවර්ධන සමිතිය ඉදිරිපත් කළ යෝජනාවට ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අනුමැතිය ලබා දුන්නාය.

අලුත් වූ වැඩපොත් සහ ක්‍රියාකාරකම් පාදක කරගත් නව අධ්‍යාපන ක්‍රමය ඉතා ඵලදායී බවත්, දරුවන් ඉතා උනන්දුවෙන් ඊට සහභාගී වන බවත් එහිදී ගුරුවරු අග්‍රාමාත්‍යවරිය සමඟ පැවසූහ.

මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති අධ්‍යාපන බලධාරී හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

​"පවතින ගුරු පුරප්පාඩුවලට සම්පූර්ණ විසඳුමක් නොවුණත්, මෙම විභාග හරහා සැලකිය යුතු සහනයක් ලබාදිය හැකියි. අධිකරණ තීරණය අනුව උපාධිය ලබාගත් දිනය 2025.06.30 ලෙස කලින් නම් කර තිබුණත්, බොහෝ පිරිසකගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව එම දිනය සංශෝධනය කිරීමට අධිකරණ⁣යෙන් ඉල්ලීමක් කළා ඒ ලැබෙන තීරණ අනුව අපි කටයුතු කරනවා...

​පාසල් යටිතල පහසුකම් වෙනුවෙන් නිවැරදි සැලසුම් අනුව ලබා දී ඇති ප්‍රතිපාදන විනිවිදභාවයකින් යුතුව වියදම් කර එහි ප්‍රගතිය ඉදිරිපත් කළ යුතුයි. ජාතික, පළාත් හෝ ග්‍රාමීය, නාගරික ලෙස බෙදී අපට මේ ගමන යා නොහැකියි. අධ්‍යාපන බලධාරීන් ලෙස ඔබ නිවැරදි දත්ත මත පදනම්ව කඩිනම් සහ නිවැරදි තීරණ ගන්න... ඒ වගේම ​පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සහ පිරිවෙන් ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කමිටුව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද අග්‍රාමිත්‍යතුමිය සඳහන් කළාය...''

​මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ