පූජ්‍ය කස්සප හිමිගේ නම පැවසූ ආකාරයේ ගැටලුවක් නිසා උණුසුම් වූ කැස්බෑව නගර සභාව

පූජ්‍ය කස්සප හිමිගේ නම පැවසූ ආකාරයේ ගැටලුවක් නිසා උණුසුම් වූ කැස්බෑව නගර සභාව

February 12, 2026   08:12 pm

කැස්බෑව නගර සභාවේ මාසික රැස්වීම අද (12) පැවැති අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ඒ කැස්බෑව නගර සභාවේ බලය හිමි පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු විසින් රැස්වීමේදී අවස්ථාවේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය සඳහන් කරන අවස්ථාවේ  “බලංගොඩ කස්සප” ලෙස ආමන්ත්‍රණය කිරීම හේතුවෙන්ය 

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නාමය නිවැරදි ආකාරයෙන් සඳහන් කරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියද, ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බව සඳහන් වාර්තා වෙයි.

මෙම සිදුවීම හේතුවෙන් විපක්ෂයේ සර්ව ජන බලය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සභාව වර්ජනය කර ඉන් පිටව ගොස් තිබුණි. 

පසුව සෙසු විපක්ෂ සභිකයින් ද සභාවෙන් පිටව ගොස් නගර සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.