'රටම එකට' මාතර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීමෙහි රැස්වීම අද
February 12, 2026 07:04 pm
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන 'රටම එකට ජාතික මෙහෙයුම' වැඩසටහන යටතේ පැවැත්වෙන මාතර දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම සඳහා වු විශේෂ රැස්වීම අද (12) පැවැත්විණි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෙය පවත්වා ඇත.
මතින් තොර රටක් සතුටින් පිරි හෙටක් නිර්මාණය කිරීම දැක්ම කරගත් 'රටම එකට' වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහන තුළින් ආරක්ෂක අංශය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ පුනරුත්තාපන ක්ෂේත්‍රයන් හී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය විමසීමට ලක්කර තිබේ.
ඊට අමතරව ක්‍රියාත්මක ක්ෂේත්‍රයේ දිස්ත්‍රික් වශයෙන් නිලධාරීන්ට පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ අවධානයට ලක් වු අතර, ඒවාට වඩා ඉක්මනින් ක්‍රියාත්මක වී ගැටලු මගහරවා ගනිමින් සාර්ථකව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් එහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
