අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

February 11, 2026   07:22 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව එලෙස අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට කල් තැබිණි.

මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාග කෙරිණි. 

පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී ඝාතනය කළ බවට 42 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙලෙස නඩු පවරා තිබුණි.