header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පසමිතුරු සටනට ලැබුණු අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ඉහළට
Feb 10, 202608:49 PM
පසමිතුරු සටනට ලැබුණු අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ඉහළට
Mobitel 1278

ඉන්දියාව, පාකිස්තානය සහ මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ ගුවන් ටිකට්පත් මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මීට හේතුව වී ඇත්තේ, ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලදී දැඩි කතාබහක් නිර්මාණය කළ ඉන්දු පකිස්තාන තරගාවලියට පකිස්තාන රජය විසින් පාකිස්තාන කණ්ඩායමට තරග කිරීමට අවසර ලබාදීමෙන් පසුය.

විශේෂයෙන්ම ඉන්දියාවේ සිට කොළඹට වෙත පැමිණෙන ගුවන් ගමන් සඳහා ටිකට් මිල සාමාන්‍යය මිලට වඩා තුන් ගුණයකට ආසන්න ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මුම්බායි, දිල්ලි සහ චෙන්නායි වැනි නගරවල සිට කොළඹ වෙත පැමිණි ගුවන් මගීන්ගේ සෑම කාණ්ඩයකම සෘජු ගුවන් ගමන්වල ටිකට් පත් මිලද සාමාන්‍ය මට්ටම ඉක්මවා ඉහළ ගොස් ඇති බවය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ සම සත්කාරකත්වය යටතේ මේදිනවල පැවැත්වෙයි.

ඒ යටතේ කණ්ඩායම් 20 ක් කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර ක්‍රීඩාවේ පසමිතුරන් වන ඉන්දියාව හා පාකිස්තානය A කාණ්ඩයෙන් තරග වදියි.

එහෙත් මෑතක සිට දෙරට අතර පවතින පසමිතුරු තත්ත්වය මත ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ඉන්දු - පාකිස්තාන තරගයට සහභාගි නොවන බව පාකිස්තානය පසුගියදා නිවේදනය කළේය.

මෙය මහත් ආන්දෝලනයට තඩුදුන් අතර ක්‍රීඩා ක්ෂේත්‍රෙය්, රූපවාහිනී තරග විකාශය අංශවල මෙන්ම වානිජ ක්ෂේත්‍රෙය්ද ඒ ගැන මහත් කතාබහක් නිර්මාණය වුණි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පාකිස්තාන ක්‍රිකට් සභාපති මොෂින් නක්වි වෙත ලිපියක් යවමින් එම තීරණය වෙනස් කරන ලෙස ඉල්ලීමක් කළේය.

ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියේදී , පාකිස්තානය ක්‍රීඩාවේ ගැටලුවලට මුහුණ දුන් අවස්ථාවල ශ්‍රී ලංකාව ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ ආකාරයද සිහිපත් කරමින් දන්වා තිබුණේ ඉන්දු පාකිස්තාන තරගය නොපැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සංචාරක කර්මාන්තයට වන හානියද සැලකිල්ලට ගෙන තීරණය වෙනස් කරන ලෙසය.

එහෙත් පෙබරවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දියාව සමඟ තරගය ක්‍රීඩා නොකරන ස්ථාවරයේම පාකිස්තානය සිටි අතර ක්‍රීඩාවේ නාමයෙන් මෙම තරගයට සහභාගි වන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාද පාකිස්තානයෙන් ඉල්ලීමක් කළේය.

මෙවන් වාතාවරණයක ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබුණි.

එහිදී ජනාධිපතිවරයා ඉන්දු - පාකිස්තාන තරගය සම්බන්ධ ගැටලුව ගැන සාකච්ඡා කර තිබේ.

අසීරු අවස්ථාවලදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට සහයෝගය දැක්වූ ආකාරය සිහිපත් කළ ජනපතිවරයා 1996 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානය ඉන්දියාව සමඟ එක්ව දැක්වූ සහායද අගය කර තිබේ.

එම අවස්ථාවේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ද , ගිය වසර අගදී ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පාකිස්තානයේ රැඳී සිටිමින් දැක්වූ සහාය පිළිබඳ කෘතඥපූර්වකව සිහිපත් කළ බව සඳහන්ය.

මෙම සංවාදය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ දිට්වා ව්‍යසනයෙන් පසු රට යළි නැගී සිටින මොහොතක ඉන්දු - පාකිස්තාන තරගය පැවැත්වීම මෙරටට සංචාරක , ආර්ථික මෙන්ම වානිජ අතින් ශක්තියක් වන බැවින් ඊට ක්‍රීඩා කරන්නැයි තමන් පාකිස්තානයට ඇරියුම් කර සිටින බවය.

ඊට එම අවස්ථාවේදීම පාකිස්තාන අගමැතිවරයාගෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී තිබේ.

එම සංවාදයෙන් පැය කිහිපයක් ඇතුළත පාකිස්තාන රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම ඇතුළු කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් බහුපාර්ශ්වීය සාකච්ඡාවල ප්‍රතිඵල සහ මිත්‍රරටවල ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව, පෙබරවාරි 15 වන දින ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගී වන්නැයි සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් ලබා දුන් බවය.

මෙම තීරණය ගනු ලැබුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සියලුම සාමාජික රටවල් තුළ මෙම ගෝලීය ක්‍රීඩාවේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීමේ අරමුණ ඇතිව බවත් පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ට්ව්ටර් සටහනක් තබමින් '' අප සැම ආදරය කරන මෙම ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම පිළිබඳව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වනවා '' යනුවෙන් සඳහන් කර තිබේ.

ඒ අනුව දින 10ක් පුරා පැවති අර්බුදකාරී තත්ත්වය නිමාවට පත්කරමින් පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 7 ට කොළඹ අර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

MostRead
Mobitel 1278
VideoStories
ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්