
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමසත්කාරක්වය යටතේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම අද (31) දහවල් දිවයිනට පැමිණියේය.
තරගාවලියේ සමාරම්භක තරගයට ඔවුන් ක්‍රීඩාකරන අතර, එම තරගය එළැඹෙන 7වනදා පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වේ. තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ක්‍රීඩකයින් සහ නිලධාරීන් 25කගෙන් සමන්විත නෙදර්ලන්ත කණ්ඩායම චෙන්නායි සිට කටුනායකට පැමිණ තිබුණි.




































